Pages

Thursday, February 21, 2013

Torrents >> IDM එකෙන් බාමුද???

Internet එකේ බාගත කරගැනීම් වලට හොදම sites මොනවද කියලා ඇහුවොත් හැමෝගෙම පිලිතුර Torrent web sites කියන එක. Torrent sites ගනනාවක්ම අද වෙනකොට බාවිතයේ පවතිනවා වගේම මේ torrent sites වලින් අපිට ඕනේ කරන files බාගත කරගන්නත් softwares කීපයක් හදුන්වාදීලා තියනවා.ඒවා අතර utorrent, bittorrent වැනි softwares අදුන්වන්න පුලුවන්. ඒ වගේම internet downloads වෙනුවෙන් බාවිතා කරන තවත් මෘදුකාංගයක් තමයි IDM එහෙම නැත්නම් Internet Download Manager කියන්නෙ.(මේ softwares ගැන මන් කලින් පොස්ට් වල සදහන් කරලා ඇති)

Torrent file 1ක් බාගත කරගන්න නම් Torrent software 1ක් ඕනේ කරනවා. ඒ වගේම බොහොමයක් දෙනා බාගත කිරීම් වලට IDM බාවිතා කරන නිසා අපි බලමු IDM හරහා torrents files බාගත කරන්නේ කොහොමද කියලා.

මේ දේ කරන්න ඔයාලගේ පරිගණකයේ IDM Install කරලා තියෙන්න ඕනේ. මගේ පලවෙනි පොස්ට් එකේ තියනවා IDM ගැන.එකෙන් IDM බාගන්න පුළුවන් ඔයාලට.

ඊලගට අපිට බාගත කරගන්න ඕනේ torrent file එකේ link එක ලබාගන්න ඕනේ. ඉතින් මං උදාහරණයට ගන්නේ කලින් පොස්ට් එකක දාපු Data Recovery pack Torrent file එකයි.



ඊලගට අපිට වෙනත් වෙබ් අඩවිය සහය පතන්න සිදුවෙනවා. පහල link එකේ තියන web site යන්න.

www.zbigz.com


මේ වෙබ් අඩවියට ගිහින් Upload .torrent file කියන තැනින් අපි කලින් බාගත කරගත් torrent file එක ලබා දෙන්න. ඊලගට Go click කරන්න.


ඊලගට අපිට ලැබෙන පිටුවේ මේ service 1 ලබා ගන්නා ආකාරය විදියට free කියන එක තෝරන්න. එහිදී අපි ලබාදුන් torrent file හදුනාගෙන එය zip ගොනුවක් ආකාරයෙන් සකසනවා. ඉතින් Caching Complete කියලා වැටුනට පස්සේ රතුපාටින් දක්වලා තියන .zip කියන ස්තානයේ click කරන්න.


මේ click කරනවාත් සමග IDM මෘදුකාංගය ක්‍රියාත්මක වී මේ zip ගොනුව බාගත කරනවා. ඔන්න ඉතින් ඉතාමත් පහසුවෙන් torrent file 1ක් IDM හරහා බාගත කරනවා. ඔයාලත් කරලාම බලන්න.

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....