Pages

Tuesday, February 19, 2013

Compter එක format නොකර බේරාගමු (part 1)

පරිගණකයක Operating System කියන්නේ softwares වලින් වටිනම දේ. ඒක නැති උනොත් හරි damage උනොත් හරි පරිගණකයේන් කිසි වැඩක් නැතුව යනවා. ඉතින් කොහොම කලත් යම් යම් හේතු නිසා පරිගණකයේ operating system එක හෝ මෙහෙයුම් පද්දතිය instoll කරලා තියන Hard Disk 1ට හානි වෙන්න පුලුවන්. මොනවද මේ හේතු?

1 Virus attack මගින් system files delete කිරීම.
2 නෙදැනුවත් කමින් system files delete කිරීම ntldr,ntdetect.com වගේ ඒවා
3. hard disk curruption - හදිසි විදුලි බිදවැටීමකදී වගේ
4. පරිගණකය shout down වෙන්න කලින් switch එක ඔබල පරිගණකය shout down කිරීම හෝ power cable එක ගලවා දැමීම..

ඉතින් ඕවා හින්දා අපේ වටිනා Operating System 1ට හානි වෙන්න පුලුවන්. එහෙම උනොත් අපිට මොනවද කරන්න පුලුවන්

1. Hard Disk 1 වෙනත් පරිගණකයකට සම්බන්ද කර chkdsk එකක් දැමීම.(මේක ගැන පසුව සදහන් කරනවා)
2. පරිගණකයේ safe mode වත් log වෙන්න පුලුවන්ද බැලීම
3. Data backup කිරීමට උත්සාහ කිරීම
4. හරියන්නෙම නැත්නම් format කිරීම

අවසානයේ හරියට කරගත්තේ නැත්නම් format කිරීම මගින් වටිනා දත්ත පවා නැති වෙන අවස්තා ඕනේ තරම් තියනවා. ඉතින් windows 7 මෙහෙයුම් පද්දතියෙන් අපිට අපූරු පහසුමක් ලබා දෙනවා. මේකට කියන්නේ System Repair Disc කියලයි. ඉහත දක්වපු ඕනේම කරුණක් නිසා broken උන පරිගණකයේ Operating System 1 මේ මගින් යතා තත්වයට පත් කරගන්න පුලුවන්.මේක කරන්න DVD එකක් ඕනේ කරනවා ඒ වගේම් ඔයාලගේ Rom එකේ DVD write කිරීමේ පහසුකමත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ DVD Writer එකක් තියෙන්න ඕනේ

මුලින්ම system repair disk කියලා Start එකේ type කරන්න.


එවිට පහල රූපයේ ආකාරයෙන් window එකක් එනවා. මේ වෙනකොට DVD එක පරිගණකයට ඇතුල් කරලා තියෙන්න ඕනේ ඉන්පසුව Create disc ක්ලික් කරන්න

                                    


මෙය write වෙලා ඉවර උනාට පස්සෙ අපිට System Repair Disc එකක් ලැබෙනවා. මේක බාවිතා කරන්නේ කොහොමද? පරිගණකයේ operating system අක්‍රීය උන මොහොතම මුලින්ම පරිගණකයට DVD එක
දාන්න. පරිගණකය ක්‍රියාත්මක කරවන්න. ඉන්පසුව පරිගණකයේ පහල රූපයේ ආකාරයෙන් දිස් වෙවි. Windows Setup [EMS Enabled] කියන එක තෝරලා Enter ඔබන්න.


ඉන්පසුව පහල රූපයේ ආකාරයට recovery option වලට යොමු කරයි




එතනදී අපිට එකිනෙකට වෙනස් System Recover කිරීමේ අවස්තාවන් ලබාදෙනවා. System Image Recovery තෝරන්න. පහල රූපයේ ආකාරයෙන්. එතනදී අපි කලින් සදාගත් System Repair Disc එක බාවිතයෙන් පරිගණකයේ අක්‍රීය උන system files යතා තත්වයට පත් කරමින් ඔබගෙ පරිගණකය ක්‍රියාකාරී මට්ටමට ගෙන එනවා.






Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....