Pages

Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts

Sunday, April 21, 2013

හැමදාම දකින අපේ desktop එක වෙනස් කරමුද?



අද අවේ ඔයාලගේ PC එක ලස්සන කරන්න පුළුවන් පොඩි ගැජට් කැල්ලක් අරගෙන.අපිට හැමදාම අපේ desktop එක එකම විදිහට දැකල එපා වෙලානේ.ඕකට අපි ඉතින් කරන්නේ wall paper එක මාරු කරන එකනේ.ඕක කර කියල ඉතින් කිසි ගතියක් නැ.ඒ ගතිය අරන් දෙන්න යන්න තමයි මම හදන්නේ,මේක ටිකක් වෙනස් ගැජට් එකක්,.අනිත් ඒවා වගේ නෙමෙයි.මේක දැම්මම PC එක පේන්නේ නිකන් කාමරයක් වගේ.

ඉතින ඔයාලට මේ කාමරේ මෙසේ උඩ, රාක්ක උඩ, ඔයාලගේ desktop icons ටික තියාගන්න පුළුවන්.තව ඕන නම් බිත්තියේ උනත් ගහල තියාගන්න පුළුවන්.මේක කොහොමද කියල බලන්න මම පහලින් ෆොටෝස් ටිකකුත් දැම්ම.






මේකෙන් තව ගොඩක් විදි වලට desktop එක හදාගන්න පුළුවන්.පහල ලින්ක් එකෙන් Download කරගන්නකො.





Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Monday, April 15, 2013

Mouse එක තිබ්බ ගමන් සිංහල තේරුම බලමුද?

Google Chrome සහ firefox අන්තර්ජාල යේ විවිධ කටයුතු සදහා අපි භාවිතා කරනවා එහිදි අපිට හමුවන English වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදවයි අද අපි කතා කරන්නෙ මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ මේක නොදන්න අයට වැදගත් වේයි.


                                                             


දැන් බලමු කරන විදිහ.

1) Firefox සදහා

මේ සොෆ්ට්වරේ කෑල්ල addon වර්ගයේ එකක් නිසා browser එකට add කරගන්න විදිහ මන් කියල දෙන්නම්.firefox open කරන්න ඉස්සෙල්ලම.දැන් addon window එකට යන්න.ගියාම මෙන්න මේ වගේ පෙනෙයි.

Open Firefox-->> Tools -->> Add-ons



දැන් කරන්න තියෙන්නේ මන් පහලින් දාන download ලින්ක් එකට ගිහින් addon එක download කරලා ඒක mouse එකෙන් අල්ලාගෙන ගිහින් (drag) උඩින් පෙන්නලා තියන addon window එකට drop කරන එක.
ඊට පස්සේ ඉබේම instroll වෙනවා.සමහර වෙලාවට instroll කරන්න button එකක් එන්න පුළුවන්.එහෙම උනොත් click කරන්න.දැන් firefox එක restart කරලා බලන්නකෝ කොහොමද වැඩේ කියල.

මේ download කරන එක setup file එකක් නෙමෙයි හොදද. crx ෆිලේ එකක්.double click කරලා ඉන්ස්ටෝල්ල් කරන්න යන්න එපා.



2) Google Chrome සදහා

දැන් බලමු කොහොමද chrome වලට මේක add කරගන්නේ කියල.මෙන්න මේ විදිහට යන්න.

Open Chrome-->>Click
 (Right top corner of the chrome)
 -->>Click Tools -->> Click Extensions



දැන් ඔයාලට කරන්න තියෙන්නේ පහල තියන ලින්ක් එකෙන් download කරපු addon කෑල්ල එක මේ page එකට Drag කරලා Drop කරන්න විතරයි.එතකොට පල්ලෙහා විදියට box එකක් ලැබේවි. ඒකේ Add කියන එක click කරන්න


දැන් Chrome එක Restart කරන්න. Dictonary එක වැඩ කරන්න පටන් ගනීවි.

දැන් ඉතින් ඔයාල යන යන website එක මොකක් උනත් අමාරු වචනයක් තියනවනම් එක උඩට mouse එක ගෙනයන්නකෝ.මෙන්න මේ වගේ සිංහල තේරුම පෙන්නයි.


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Saturday, April 13, 2013

1GB pen drive එක 2GB කරගමුද?



අද පරණ අවුරුදු දවසේ නොනගතය වෙලාවේ හොයාගත්ත පොඩි වැඩ කෑල්ලක් දාන්න හිතුනා.. :D :D...ඉතින් කට්ටියට අවුරුදු ජයද???..බලමුකෝ එහෙනම් මේ වැඩ කෑල්ල මොකක්ද කියල.

මේ software එකෙන් පුළුවන් 1GB පෙන් එකක් 2GB කරගන්න.වෙන සිද්දිය නම් තේරෙන්නේ නැ..එත් කිසිම ඖලක් නැතුව වැඩ.මගේ ෆොනේ එකේ memory චිප් එකටත් කරලා බලුව..මරුවට වැඩ..

download

සොෆ්ට්වරේ එක instoll කරගත්තට පස්සේ ඔයාලගේ පෙන් එක හරි chip එක හරි පරිගණකයට plug කරන්න.දැන් software එක ඇතුලෙන් pen එක මේ වගේ පෙන්නයි.



ඊට පස්සේ FIX කියන එක ඔබන්න.එතකොට මෙහෙම එකක් එයි.එක OK කරන්න.ඔයාලට වැදගත් data pen එකේ තියනවා නම් ඒවා backup කරගන්න.



ඊට පස්සේ ඔයාලට මේ වගේ message එකක් එයි.ඒ කියන්නේ වැඩේ හරි කියන එක.එකත් OK කරන්න.



ඊට පස්සේ ඔයාලට මේ වගේ message එකක් එනවා පෙන් එක පරිගණකයට ආයිමත් plug කරන්න කියල.එතකොට පෙන් එක ගලවල ආඉමත් computer එකට plug කරන්න.



බලන්න කොහොමද වැඩේ කියල...1GB PEN එක 2GB වෙලානේ.හයි මේක කරන්න පුළුවන් 1GB ඒවාට විතරයි.යනකොට පොඩි like එකකුයි comment එකකුයි දාල යන්න අමතක කරන්න එපා....

ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමයෙන් සතුටින් පිරි සුබම සුබ නව වසරක් වේවා කස්ටියටම.................


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Sunday, March 31, 2013

Bluetooth වලින් lap එක control කරමු

දැන් කියන්න හදන්නෙ phone එක remote control එකක් විදියට use කරන්නෙ කොහොමද කියලා. මේක ගොඩක් sony ericssion use කරන යාලුවන්ටනම් මේක අලුතෙන් දාන්න ඕන නෑ. ගොඩක් අය කියන දෙයක් තමයි දාපු software එක මගේ phone එකට support කරන්නෙ නෑ කියන එක. ඉතින් ඒ හැම එකකටම හරි යන software එකක් හොයා ගත්තා. ඔයාලත් use කරල comment එකක් දාන්නකෝ කොහොමද වැඩේ කියලා.

තව මේකෙන් අපට windows media player එක control කරන්න විතරක් නෙමෙයි winamp ,mouse, sound වගේ දේවලුත් control කරන්න පුලුවන්. මේක වැඩ කරන්නෙ bluetooth හරි wi-fi හරි තියනවනම් ඇති. normal මේක 20m විතර වැඩ.

මේ link එකෙන් download කරලම බලන්නකෝ (11MB).

මුලින්ම PC එකට තියන setup එක instoll කරගන්න

download කලාම phone එකට දාන software එකත් (jar or jad file) auto download වේවි. එකත් phone එකට දා ගන්න.



දැන් software එක minimize කරලා phone එකට යන්න..







තව දෙයක් කියන්න අමතක වුනා. powerpoint presentation, pdf බලනකොට media player එකට තියන එකෙන් ගියානම් ගොඩක් ලේසියි.

සැලකිය යුතුයි:

power point , pdf වලින් යනකොට ඒක full screen කලාම විතරයි control කරන්න පුලුවන් වෙන්නේ..

මේකේ trail එක අයින් කරගන්න Time Stopper සොෆ්ට්වරේ එක use කල නම් හරි.


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Wednesday, March 6, 2013

photo එකක තියන අකුරු ඒ විදිහටම ගමුද?

කාලෙකින් අෆ්ෆා බ්ලොග් එක පැත්තේ ආවේ ලියන්න post එකක්.අහ් කියන්න අමතක උනානේ...!!!!..දැන් පොස්ට් වලට ඔයාලට comments දාන්න ලේසයි හොදද. facebook එකේ comments දාන විදිහටම තමයි දැන් දාන්න තියෙන්නේ.

මේ පොස්ට් එකත් වැදගට් වෙයි කියල හිටනවා ඔයාලට ගොඩක්.අපිට සෙට් වෙනවා පට්ට වැදගත් පොතක්. ඒකෙ තියන දේවල් අපිට Word හරි මොකක්හරි එකකට ගන්න අවශ්‍ය වෙනවා කියලා හිතන්නකෝ. ඒත් ඒකෙ තියෙන්නේ photo එකක් විදියට නිසා අපිට ඒවා අකුරක් විදියට ගන්න අපිට මේ software එකෙන් පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් photo එකක තියන අකුරු අකුරක් විදියට copy කර ගන්න පුළුවන්.

මේ පොඩි Software එක download කරගන්නකො. (384KB)

මුලින්ම instoll වෙන්නේ Cnet instroller එක.එකට හේතුව මේ software එක මන් දෙන්නේ Cnet.com එකෙන් නිසා. Cnet instroller එක 589kb වගේ පොඩි දරිතාවක් තියෙන්නේ. එක download උනාට පස්සේ double click කරලා OCR software එක පියවරෙන් පියවර ඔයාලට download කරගන්න පුළුවන්.

දැන් Install කරලා open කරන්න



මෙතනට ඔයා photo එක add කරන්න ඕනේ. එක කරන්න පුළුවන් ක්‍රම 3 ක් තියනවා.

1. කොම් එකේ තියන photo එකක්
2. scanner එකක් මගින්
3. pdf එකක්.

ඒ විදියට open කරගත්තට පස්සේ OCR >>> OCR all pages දෙන්න.



process වෙලා ඉවර වුනාම ඔයාට මේක

1. word වලට‍ copy කරන්න
2. clipboard එකට copy කරගෙන කැමති තැනකට paste කරන්න

මේ වගේ දේවල් මේ පහලින් තියන buttons වලින් කරන්න පුළුවන්.


අලුත් දේවල් ඉගන ගන්න අයට මේක ගොඩක් වැදගත් වේවි.මම යනවා එහෙනම් අදට...


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Wednesday, February 27, 2013

Delete කරන්න බැරි files delete කරමු.

කලින් වතාවක මන් දැම්මනේ පොස්ට් එකක් කොහොමද සම්පුර්ණයෙන් delete වෙච්ච ෆිලෙස් නැවත ගන්නේ කියල.මතක නැත්නම් ආයිත් බලන්න.දැන් මන් කියන්න යන්නේ එකේ අනික් පැත්ත. ඒ කියන්නේ delete කරන්න බැරිම files කොහොමද delete කරන්නේ කියල.මේ වගේ files virus guards වලින් සමහරවිට අදුන ගන්නත් පුළුවන්.එටකොට අයින් කරන්න ලේසි.නමුත් ගොඩක් ඒවා එහෙම කරන්න බෑ.

ඒ වගේ වෙලාවට කරන්න තියෙන්නේ තියෙන්නෙ පොඩි සීන් එකක්

මුලින්ම මේ Software එක Download කරගෙන ඉන්නකෝ (739.32KB)



දැන් කරන්න තියෙන්නේ Delete කරන්න බැරි Folder or File එක R.click කරලා Unlocker selectකරන එක.


දැන් Delete දෙන්න.


දැන් වැඩේ හරි.කරදරයක් උන files දැන් ලොවෙත් නෑ...

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Monday, February 25, 2013

හිතේ තියන දේ කියවන්න පුළුවන් software එකක්!!!

අද පෝය දවසනේ.කට්ටිය සිල් ගන්නටත් ඇති.කොහොමෙන් හරි කමක් නැ පන්සල් පැත්තේ ගිය න හොදයි ඉතින්.මන් මෙච්චර කල් දාපු පොස්ට් වලට වැඩ ටිකක් වෙනස් ජාතියේ soft වැඩක් ගැන තමයි දැන් දාන්න යන්නේ.සමහර ය මේක දන්නවත් ඇති.

මේක මම internet පැත්තේ රවුමක් යනකොට දැකපු දෙයක්. මේක කරලා තියෙන්නේ ලංකාවේම කෙනෙක්.

මෙතනින් software කෑල්ල download කරගෙන ඉන්න. (200KB)

මේකෙදි අපි 10 ත් 100 ත් අතර ඉලක්කමක් හිතාගන්න ඕනේ.
ඊට පස්සේ ඒ ඉලක්කම් 2 වෙන වෙනම එකතු කරලා ඒ මුල් ඉලක්කමෙන් අඩු කරන්න ඕනේ (ඔයා හිතාගත්තේ 57 නම් 57-5-7 = 45)

දැන් ඒ number එකට අදාළ symbol 1 මතක තියාගෙන show button 1 click කරන්න..

පුදුමයි නේද????

ඔයාල මේ ගැන මොනව හරි දැනගත්ත දෙයක් තියනවා නම් comment එකක් දාලම යන්නකෝ...

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Friday, February 22, 2013

ඔබගේ පරිගණකය Slow වෙලාද?

මන් මේ පොස්ට් එකේදී ඔයාලට කියන්න යන්නේ කුණු,අනවශ්‍ය දේවල් පරිගණකයෙන් ඓන් කරලා කොහොමද hardware & software උපාංග අතර connection එක වැඩි කරලා ඔබගේ පරිගණකයේ ක්‍රියාකාරිත්වය ඉතා හොද මට්ටමකට ගේන්නේ කියල.

පරිගණකයක් බාවිතා කිරීම වගේම එය නිසි ආකාරයෙන් repair කරන්නත් හැම දෙනාම දැනගෙන ඉන්න ඕනේ. නඩත්තු කරනවා කියන්නේ පිටින් දූවිලි පිහලා ලස්සනට තියාගන්නවා කියන එක් නම් නෙමෙයි. පරිගණකයේ operating system එකේ පටන් සියලු softwares වගේම අභ්‍යන්තර ක්‍රියාකාරී සියලුම hardware components repair කිරීමටත් සිදු වෙනවා.hardware components repair කිරීම නම් අපිට කරගන්න පුලුවන්. ඒත් නිසි ආකාරයෙන් operating system එක ප්‍රමුඛ softwares ටික repair කරගන්නේ කොහොමද?

බොහෝ දෙනා අවදානය යොමු නොකරන පැත්තක් මේක. අන්තිමට මෙහෙයුම් පද්දතිය අක්‍රිය වෙනතුරුම ඒකෙන් වැඩ ගන්නවා මිසක් එය repair කිරීමක් කරන්නේ නෑ.අපිට හිතල නඩත්තු කරන්න බැරි මේ දේවල් අපිට කරලා දෙන හොද softwaes 1ක් ලැබුනා.පහල link එකෙන් ගන්න පුළුවන්

Cloud System Booster Pro

මේක සල්ලි දීලා ගන්නව නම් $19.98 වෙනව. ඉතින් පරීක්ශා කිරීමේ පිටපත බාගත කරගෙන සරල පියවර කීපයකින් පරිගණකයට install කරගන්න. ඊලගට එය open කලාම පහල රූපයේ මෙන් open වෙයි.මේ තමයි windows 8 වලටම දාපු 2.0 version එක




Cloud System Booster Pro බාවිත කරලා අපිට පහල දැක්වෙන දේවල් කරගන්න් පුලුවන්

Cleaner: මේ පහසුකම යටතේ temp files, junk files, old caches, වගේ දේවල් නිසා අපිට අහිමි උන hard එකේ empty space එක අපිට නැවතත් ලබාදීමක් කරනවා.

Optimizer: මේ මගින් පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අදාල නොවන සියලුම servises නවත්වා පරිගණකයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරනවා.

Repair: පරිගණයක් system 1ට අදාල damage උන system files නැවත් පිලිසකර කිරීමක් මෙයින් සිදු කරනවා. ඒ වගේම system එකේ registary 1ට අදාල සකසුම් වල පවතින වෙනස් කම් පවා නිවැර්දි කරනවා.

Application: පරිගණකයෙන් delete/uninstall කල softwares වල uninstall නොවුන කොටස් පවතින්න පුලුවන්. ඉතින් ඒවා ඉවත් කර ක්‍රියාකාරීත්වය වර්දනය කිරීම මේ මගින් සිදු කරනවා

මෙහි පවතින One-Click Boost Mode මගින් අපිට පරිගණකය clean කරගැනීමක් කරගන්න් පුලුවන්. පහල රූපය බලන්න


ඒ වගේම පහල රූපයේ තියන වෙනස් කම් ටිකත් කරගන්න් ඕනේ. එ කියන්නේ windows open වෙන්න වගේ. (Run at windows Startup)


ඉතින් මේක ඔයාලගෙ පරිගණකවලට වගේම android run වෙන ඔයාලගේ smart phone එකටත් මේ software එක ස්තාපිත කරගෙන phone එක වේගවත් කරගන්න පුලුවන්.

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Tuesday, February 19, 2013

සම්පුර්ණයෙන් Delete වෙච්ච දේවල් නැවත ගමුද ?

පරිගණක බාවිත කරද්දි නොදැනුවත්කමින් හෝ වැරදීමකින් සිදුවන දෙයක් තමයි ඕනේ කරන files delete වීම. එහෙම් නැත්නම් වැදගත් files අත්වැරදීමකින් delete වීම. නැත්නම් වෙන කෙනෙක් අපහසුතාවයට පත් කිරීමට data delete කිරීම.මේ මොන දේ උනත් අවසාන ප්‍රතිඵලය වන්නේ අපේ වැදගත් data අපිට අහිමිවීම. අහිමු වූ data නැවත ලබා ගැනීම වෙනුවෙන් බාවිතා කල හැකි softwares පොදුවේ recovery softwares ලෙසින් හදුන්වනවා. ඉතින් internet search කලොත් මේ ආකාරයේ recovery softwares බොහොමයක් සොයා ගැනීමේ හැකියාව පවතිනවා.

නමුත් සාර්ථක ලෙසින් නැති උන files නැවත ලබා දෙන softwares කීපයක් පවතිනවා. ඉන් එකක් තමයි Recovery My File කියන්නේ.

මේ software එක බාවිතා කරලා අපිට පහලින් දක්වලා තියන දේවල් recovery කරගන්න පුලුවන්.

  • Recovery from damaged or formatted disks 
  • Recover deleted emails 
  • Recover deleted iPod music 
  • Restore unsaved Word documents 
ඒ වගේම මේ software එක Portable version එකක් විදියටයි පවතින්නේ. install කිරීමක් අවශය වන්නේ නෑ. ඒ වගේම දැනට බාවිතා වන සියලුම windows operating systems සමග කිසිදු ගැටලුවක් නැතුව බාවිතා කරන්න පුලුවන්. අනික් කරුන තමයි මෙය සම්පූර්ණයෙන්ම FREE ලබා දෙන software 1ක් වීම.

පහල තියන links 2න් එකකින් බාගත කරන්න පුළුවන්

1st link   2nd link

තවත් advanced data recovery කර න software එකක් තමයි Hetman Data Recovery pack කියන්නේ. එකත් පහල දක්වල තියන features තියනවා.මේ software එක ඇතුලත ගබඩා කරපු tools 3ක් තියනවා.

1) Hetman file repair 


මේක open කලාම පහල රුපයේ තියනවා වගේ wizard එකක් ආධාරයෙන් ඔබට නැති උන දේවල් හොයාගන්න පුළුවන්.


2) Hetman Photo Recovery

මේ කොටස තියෙන්නේ hard එකේ හෝ වෙනත් බාහිරින් පරිගණකයට සම්බන්ද කර තිබුන ඒවගෙන් delete උන ෆොටෝස් නැත්නම් image files නැවත recovery කරගන්නි..ඉස්සෙල්ලම කරන්න ඕන නැතිවෙච්ච ෆොටෝස් තියන hard එකේ partition එක හරි removeable storage එක හරි තෝරාගන්න එක. ඉට පස්සේ next click කරන්න.නැති උන ෆොටෝස් ටික ලැබුනම process එක stop කරන්න.




2) Hetman Uneraser

මේකත් අවශ්‍ය නම් wizard එකෙන් ගිහින් files recover කරගන්න පුළුවන්.මේකෙන් ඕනෑම type එකේ file එකක් නැවත ගන්න පුළුවන්. Eg :- documents ,photos ,vedios ,mp 3s, archives etc.තවද ෆොර්මැට් කරපු disk වල අපිට ඕන ඒවා, virus නිසා currepted උන data නැවත ගන්න පුළුවන්.



මේක බාගන්න තියෙන්නේ torrent site එකකින්.පහල තියන link එකට ගිහින් Data Recovery Pack 4.0 Software + Serial Key කියන එකට ඉදිරියෙන් තියන අළු පාට ඊතලය click කරන්න.torrents donload කරන ක්‍රමය මන් කලින් post එකක දාල ඇති.මේ softwares 3ට වෙන වෙනම serial keys බාගත්තු folder එකේ අන්තර්ගත වෙනවා.

LINK

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Monday, February 18, 2013

Copy - Protected කරපු CD /DVD වල ඇතුලේ තියන ඒවා ගන්නේ කොහොමද?

CD/DVD බාවිතා කරන හැම දෙනාම copy කරන්න බෑ කියන error message 1ට එක් වරක් හෝ මුහුණදීලා ඇති. කතෘ අයිතිය සුරැකීම වෙනුවෙන් හෝ වෙනත් නීතිමය තත්වයක් වෙනුවෙන් හෝ බොහොමයක් දෙනා Copy-Protected ආකාරයේ CD/DVD නිර්මාණයට පෙලබෙනවා.

CD/DVD එකකින් දත්ත කොපි කර ගැනීමට, පහල පියවර නිවැරදිව අනුගමනය කිරීමෙන් එය කරගන්න පුලුවන්

මේකෙදි මන් copy කරන්න උත්සාහා කරන්නෙ copy කරන්න බැරි music CD එකක්. ඉතින් මේ ක්‍රමmusic CD එකකට පමණක් නෙමෙයි game CD වගේම මෘදුකාංග ඇතුලත් CD/DVD වලටත් බාවිත කරන්න පුලුවන්.















1: IsoBuster මෘදුකාංගය භාගත කරගන්න

මේ software එක නොමිලේ දෙන මෘදුකාංගයක්. සල්ලි දීල ගන්නත් පුලුවන්. එය මේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුලුවන්. මේ software එක බාවිත කරන්නේ read කරන්න බැරි CD/DVD දත්තයන් නැවත ලබා ගැනීම වෙනුවෙන්. ඉතින් මං බාගත කරගත්තේ IsoBuster 3.1 කියන version එක.



2: Audio Tracks වෙනුවෙන් පෝල්ඩරයක් නිර්මාණය කරගන්න

Copy-Protected වර්ගයේ CD/DVD open කල බැලූ විට බොහෝ විට අපිට දකින්න් ලැබෙන්නේ 1kb /2kb තරමේ files කීපයක් පමණයි. ඒ කියන්නේ නිවැරදි capacity එකෙන් යුතු files hide වෙලා තියෙන්නෙ. .folder එකක් නිර්මානය කරගන්නේ ඒ සැගවුන files copy කරගන්නයි. මගේ උදාහරණයේදී මම desktop එක මත අලුත් folder එකක් නිර්මණය කරගන්නවා.

3: Copy-Protected CD එක IsoBuster හරහා විවෘත කිරීම

මුලින්ම IsoBuster software එක විවෘත කරගන්න. ඔයාලා දන්නවා CD/DVD autorun වෙනව කියලා. ඒක නවත්තන්න shift key එක ඔබාගෙන ඉන්න. ඉන්පසු software එක හරහා CD එක open කරගන්න. පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි



session 1 සහ session 2 ලෙසින් කොටස් දෙකක් ඔයාලට දකින්න ලැබේවි. සාමාන්‍යයෙන් අපිට නොපෙන්වන කොටස මෙහි session 1 ලෙසින් පෙන්නන්නේ ඒ අපිට නොපෙන්වන කොටසයි. එය විවෘත් කරන්න. එ කියන්නේ + සලකුණ මත ක්ලික් කරන්න



4: Audio Tracks ටික Extract කරගන්න

mouse එක බාවිතා කර audio tracks ටික තෝරා right click කර ‘Extract Objects’ තෝරන්න



මේ command එක ක්‍රියාත්මක කල සැනින් IsoBuster මගින් තවත් windo එකක් open කර දෙනවා. එතනදී අපි ලබාදෙන්න ඕනේ අර කලින් හදාගත්ත folder එක.


hide වෙලා තිබුණ files ටික copy වෙනකන් ටිකක් වෙලා ඉන්න වෙනවා


ඔන්න අපි ඒවා copy කරගත්තා. දැන IsoBuster software 1n exit වෙන්න පුලුවන්. පරිගණකයට copy කරගත් මේ files ටික ඕනේ නම් අයෙමත් සාමාන්‍යය ආකාරයෙන් කියවාගන්න CD/DVD එකකට නීරෝ වගේ software එකක් මගින් data ආකාරයෙන් copy කරගන්න පුලුවන්.

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Sunday, February 17, 2013

චිත්‍රපටි උපසිරැසි (Subtitles) හොයාගෙන කැමැති භාෂාවකට හරවමු


මෙන්න මේ වෙබ් අඩවියෙන් ඕනෑම චිත්‍රපටියක subtitles හොයාගන්න පුළුවන්. 

ඉතින් මෙහි පවතිනවා ලෝකයේ නිශ්පාදනය කරන බොහොමයක් චිත්‍රපට වල උප සිරැසි  ගොනු. අපිට ලබාගන්න ඕනේ චිත්‍රපටය search කරලා අදාල උප සිරැසි ගොනුව පහල රූපයේ ආකාරයෙන් බාගත කරගන්න් පුලුවන්.

උප සිරැසි ගොනුවක් .srt ගොනුවක් ලෙසින් පවතින අතර එය නෝට්පෑඩ් මෘදුකාංගයෙන් විවෘත් කල විට් පහල රූපයේ ආකාරයෙන් දකින්න් පුලුවන්. ඉතින් මේවා දක්නට ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔයාලට unicodes බාවිතයෙන් මේ ගොනුවට අදාල සිංහල උප සිරැසි එකතු කරගන්න පුලුවන්. 



ඉන්පසුව එය save කර උප සිරැසි ගොනුව හා අදාල චිත්‍රපටය එකම folder 1ක තබා චිත්‍රපටය ක්‍රියාත්මක් කරවීමෙන් අපිට අදාල උප සිරැසි බලාගන්න පුලුවන්.

Software එකක් භාවිතයෙන් උප සිරැසි එකතු කිරීම

චිත්‍රපට වලට උප සිරැසි එක් කර ගැනීම වෙනුවෙන් බාවිත කල හැකි සරල softwares බොහොමයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්. එකක් තමයි Aegisub කියන්නේ. ඒක පහල link 1න් බාගත කරගන්න පුලුවන්

http://www.aegisub.org/
ඉතින් මේ වෙබ් අඩවියෙන් මෙ software 1ක බාගත කරගන්න. එය පහල රූපයේ ආකාරයෙන් අපිට කැමති විදියටකට බාගත කරගන්න පුලුවන්.


steps කීපයකින් මේ software ස්තාපිත කරගන්න හැකියාව තියනවා වගේම portable ආකාරයෙන් බාගත කරගත්තා නම් instoll කිරීමකින් තොරව මෙය ක්‍රියාත්මක කරවා ගන්න පුලුවන්.


ඉතින් මේ software එක බාවිත කරලා අපි මුලින්ම උප සිරැසි ගොනුවක් නිර්මාණය කරන ආකාරය බලමු. පහල රූපයේ මෙන් open > Open Subtitles වලට යන්න. අපි කලින් පියවරේදී බාගත කරගත් උප සිරැසි ගොනුව මේ ආකාරයෙන් software එක හරහා විවෘත කරගන්න පුලුවන්.



 පහල රූපයේ ආකරයට එය විවෘත වෙනවා.


unicodes use කරමින් අපිට ලබාදෙන්න තියන උප සිරැසි පහල රූපයේ ආකාරයෙන් ලබාදී save කරගන්න පුලුවන්. ඔයාලට තියෙන්නෙ ඉංග්‍රීසි උප සිරැසි මකල සිංහලෙන් ටයිප් කරලා save කරන්න පමණයි


ඊලගට අපි බලමු චිත්‍රපටයටම උප සිරැසි එකතු කරන්නේ කොහොමද කියලා. මුලින්ම Video > Open Video මගින් ඔයාලට උප සිරැසි එකතු කිරීමට ඕනේ කරන චිත්‍රපටය software එකට ලබාගන්න.


එය පහල රූපයේ මෙන් කුඩාවට පෙනෙයි. ඊලගට දකුණු පසින් ඇති කොටුවේ උප සිරැසි type කර හරි සලකුන එබීමෙන් එය චිත්‍රපටයට එකතු කරගන්න පුලුවන්. ඕනේ නම් Play කරලා බලන්නත් පුලුවන්. ඊලගට මේ file save කරගන්න. ඔන්න ඉතින් උප සිරැසි සහිත චිත්‍රපටයක් අපිට ලැබෙනවා. ඉතින් නිවැරදි උප සිරැසි බාවිතා කරන එකත් හරි වෙලාවට උප සිරැසි පෙනෙන ලෙස සකසා ගන්න එකත් මේ software එක හරහා කරගන්න පුලුවන්













Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....