Pages

Showing posts with label Tricks/Methods. Show all posts
Showing posts with label Tricks/Methods. Show all posts

Monday, April 15, 2013

Mouse එක තිබ්බ ගමන් සිංහල තේරුම බලමුද?

Google Chrome සහ firefox අන්තර්ජාල යේ විවිධ කටයුතු සදහා අපි භාවිතා කරනවා එහිදි අපිට හමුවන English වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදවයි අද අපි කතා කරන්නෙ මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ මේක නොදන්න අයට වැදගත් වේයි.


                                                             


දැන් බලමු කරන විදිහ.

1) Firefox සදහා

මේ සොෆ්ට්වරේ කෑල්ල addon වර්ගයේ එකක් නිසා browser එකට add කරගන්න විදිහ මන් කියල දෙන්නම්.firefox open කරන්න ඉස්සෙල්ලම.දැන් addon window එකට යන්න.ගියාම මෙන්න මේ වගේ පෙනෙයි.

Open Firefox-->> Tools -->> Add-ons



දැන් කරන්න තියෙන්නේ මන් පහලින් දාන download ලින්ක් එකට ගිහින් addon එක download කරලා ඒක mouse එකෙන් අල්ලාගෙන ගිහින් (drag) උඩින් පෙන්නලා තියන addon window එකට drop කරන එක.
ඊට පස්සේ ඉබේම instroll වෙනවා.සමහර වෙලාවට instroll කරන්න button එකක් එන්න පුළුවන්.එහෙම උනොත් click කරන්න.දැන් firefox එක restart කරලා බලන්නකෝ කොහොමද වැඩේ කියල.

මේ download කරන එක setup file එකක් නෙමෙයි හොදද. crx ෆිලේ එකක්.double click කරලා ඉන්ස්ටෝල්ල් කරන්න යන්න එපා.



2) Google Chrome සදහා

දැන් බලමු කොහොමද chrome වලට මේක add කරගන්නේ කියල.මෙන්න මේ විදිහට යන්න.

Open Chrome-->>Click
 (Right top corner of the chrome)
 -->>Click Tools -->> Click Extensions



දැන් ඔයාලට කරන්න තියෙන්නේ පහල තියන ලින්ක් එකෙන් download කරපු addon කෑල්ල එක මේ page එකට Drag කරලා Drop කරන්න විතරයි.එතකොට පල්ලෙහා විදියට box එකක් ලැබේවි. ඒකේ Add කියන එක click කරන්න


දැන් Chrome එක Restart කරන්න. Dictonary එක වැඩ කරන්න පටන් ගනීවි.

දැන් ඉතින් ඔයාල යන යන website එක මොකක් උනත් අමාරු වචනයක් තියනවනම් එක උඩට mouse එක ගෙනයන්නකෝ.මෙන්න මේ වගේ සිංහල තේරුම පෙන්නයි.


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Saturday, April 13, 2013

1GB pen drive එක 2GB කරගමුද?



අද පරණ අවුරුදු දවසේ නොනගතය වෙලාවේ හොයාගත්ත පොඩි වැඩ කෑල්ලක් දාන්න හිතුනා.. :D :D...ඉතින් කට්ටියට අවුරුදු ජයද???..බලමුකෝ එහෙනම් මේ වැඩ කෑල්ල මොකක්ද කියල.

මේ software එකෙන් පුළුවන් 1GB පෙන් එකක් 2GB කරගන්න.වෙන සිද්දිය නම් තේරෙන්නේ නැ..එත් කිසිම ඖලක් නැතුව වැඩ.මගේ ෆොනේ එකේ memory චිප් එකටත් කරලා බලුව..මරුවට වැඩ..

download

සොෆ්ට්වරේ එක instoll කරගත්තට පස්සේ ඔයාලගේ පෙන් එක හරි chip එක හරි පරිගණකයට plug කරන්න.දැන් software එක ඇතුලෙන් pen එක මේ වගේ පෙන්නයි.



ඊට පස්සේ FIX කියන එක ඔබන්න.එතකොට මෙහෙම එකක් එයි.එක OK කරන්න.ඔයාලට වැදගත් data pen එකේ තියනවා නම් ඒවා backup කරගන්න.



ඊට පස්සේ ඔයාලට මේ වගේ message එකක් එයි.ඒ කියන්නේ වැඩේ හරි කියන එක.එකත් OK කරන්න.



ඊට පස්සේ ඔයාලට මේ වගේ message එකක් එනවා පෙන් එක පරිගණකයට ආයිමත් plug කරන්න කියල.එතකොට පෙන් එක ගලවල ආඉමත් computer එකට plug කරන්න.



බලන්න කොහොමද වැඩේ කියල...1GB PEN එක 2GB වෙලානේ.හයි මේක කරන්න පුළුවන් 1GB ඒවාට විතරයි.යනකොට පොඩි like එකකුයි comment එකකුයි දාල යන්න අමතක කරන්න එපා....

ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමයෙන් සතුටින් පිරි සුබම සුබ නව වසරක් වේවා කස්ටියටම.................


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Tuesday, April 9, 2013

computer එකේ කටහඩ අහන්න ආසද ?

අපි දෙන වචන කීපයක් කම්පියුටර් එකේ කටහඩින් අහන්න පුලුවන් විදියක් ගැනයි මේ කියන්න යන්නෙ..

මුලින්ම් මේ codes කොටස් ටික copy කරගෙන notepad එකට දාගන්නකෝ



Dim msg, sapi

msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")

sapi.Speak msg

හරි, ඊලගට මේක කැමති නමකින් save කරගන්න. හැබැයි මතක තියාගෙනම මේකෙ නමේ අගට .vbs කියන කෑල්ල එකතු කරන්න. උදාහරනයක් විදියට note.vbs වගේ.

දැන් ඒ file එක හොයල open කරගන්නකෝ. හිතාගන්නත් බැරි විදියට ඒක මේ වගෙ විදියට open වෙයි


හිස් කොටුවට කැමති දෙයක් type කරලා OK කරන්නකෝ. අපේ computer එකේ කටහඩ අහගන්න පුලුවන්.

Computer එකට සින්හල බෑ.. එ හින්දා සින්හල කතාව පොඩ්ඩක් විතර අවුල්.. ඒක ගනන් ගන්න එපා.. අනික් එක තමා ඔයාල ඉතින් මොකක් හරි ලියුමක්ම දැම්ම කියමුකෝ. ඒත් ඒකෙ එක සීමාවකින් එහාට කියන්නෙ නෑ. ඇත්තටම කියනව නම් මේක පොඩි software එකක්.. ට්‍රයි කරල බලන්නකෝ. වැඩේ හොදයිද???


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Google crome එකට තීම් එකක් දාගමු.

ඔන්න අද දවස් ගානකින් පෝස්ට් එකක් දාන්න පුලුවන් වුනා. ඔයාල ගොඩක් අය දන්නවත් ඇති මේක නම්. ඔයාල දන්නවද කොහොමද Google crome එකට තීම් එකක් දාගන්නෙ කියල... වැඩේ දන්න අය ඉන්නවා අනික් අය කරන්නකො එහෙනම්.

ඔයාලට පුලුවන් ඔයාලගෙ chrome browser එකට ලස්සන තීම් එකක් දාගන්න. ගොඩක් තියනව තෝරගන්න. ඔයාලට තියෙන්නෙ පොඩි වැඩයි. මුලින්ම ඔයාලෙගෙ තියෙන්නෙ පරන chrome එකක් නම් ඉක්මනටම අලුත් එකක් බාගන්න. පරන අයට මේක බෑ. ඔයාලගෙ බ්‍රව්සර් එකේ දකුනු පැත්තේ උඩම තියෙනව මෙන්න මෙහෙම එකක්. ඒක ක්ලික් කරන්නකො.


දැන් අලුත් tab එකක අලුත් page එකක් open වෙයි. දැන් ඒකට යන්නකො.. ඒකෙ තියෙනව මෙන්න මෙහෙම එකක්. Appearance කියන එක යටතේ Get themes කියල තියෙනව.. මේ විදියට


ඒක තෝරන්නකෝ. දැන් ඔයාලට තීම්ස් ගොඩක් බලාගන්න පුලුවන්. කැමති එකක් තෝරලා ඇඩ් කරගන්න.. වැඩේ හරි. හොදයි නේද වැඩේ..


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Tuesday, April 2, 2013

ගේමක් නැතුව " con " folder එක හදමුද?

මේක පොඩි simple වැඩක්.පුළුවන් නම් con කියල නමින් folder එකක් හදන්නකෝ මුලින්ම ඩෙස්ක්ටොප් එකේ හරි.

කට්ටියට පුලුවන්ද ආ...... :D :D



මේක කරන්නේ කොහොමද කියල සමහර අය දන්නවා ඇති.තවත් සමහර අය මේ ගැන අහල ඇති.ඕනෑම folder එකක් con කියල rename කරන්නත් බ.එකට හේතුව තමයි " con " කියන්නේ windows operating system එක හදන්න use කරපු keyword එකක් නිසා.programming languages කරලා තියන ය keyword කියන එකේ තේරුම දන්නවා.

ඕන් එහෙනම් හදමු CON කියල ෆෝල්ඩර් එක

ෆෝල්ඩර් එක Rename කරනව Alt එකත් එක්ක 255 එන්ටර් කරල con කියල ටයිප් කරමු බලන්න.

පේන්නේ නැති (hide) folder එකක් හදමු.

සමහර අයට තමාගේ ලග වටිනා data එහෙම නැත්නම් personal දේවල් එහෙම හංගන්න ආස ඇති. :D :D දැන් කියන්න හදන්නේ ඒ වගේ දෙයකට ගැලපෙන files දල තියන්න පුළුවන් folder එකක් හදන හැටි.

එහෙනම් මුලින්ම blank folder එකක් හදාගන්න (Ctrl + shift + N). දැන් කලින් වගේ alt එකත් එක්ක 255 type කරලා Enter කරන්න.

දැන් මේ folder එකට නමක් නැතිව තියෙන්නේ.දැන් මේක පේන්නේ නැති කරගන්නත් එපැයි.එහෙනම් folder එක උඩ right click කරලා properties වලට යන්න. (Alt + Enter).එකේ තියන customize ටැබ් එකට යන්න.


දැන් එතන තියන change icon කියන button එක click කරන්න.folders වලට දාන්න පුළුවන් icons ගොඩක් තියනව ඔතන.මුකුත්ම පෙන්නන්නේ නැති blank icon එකකුත් තියනවා.පහල පින්තුරය බලන්න.


එක select කරලා OK කරන්න.දැන් properites windo එකෙත් Apply button එක click කරලා ඔක් click කරන්න.
වැඩේ කොහොමද............


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Sunday, March 31, 2013

Bluetooth වලින් lap එක control කරමු

දැන් කියන්න හදන්නෙ phone එක remote control එකක් විදියට use කරන්නෙ කොහොමද කියලා. මේක ගොඩක් sony ericssion use කරන යාලුවන්ටනම් මේක අලුතෙන් දාන්න ඕන නෑ. ගොඩක් අය කියන දෙයක් තමයි දාපු software එක මගේ phone එකට support කරන්නෙ නෑ කියන එක. ඉතින් ඒ හැම එකකටම හරි යන software එකක් හොයා ගත්තා. ඔයාලත් use කරල comment එකක් දාන්නකෝ කොහොමද වැඩේ කියලා.

තව මේකෙන් අපට windows media player එක control කරන්න විතරක් නෙමෙයි winamp ,mouse, sound වගේ දේවලුත් control කරන්න පුලුවන්. මේක වැඩ කරන්නෙ bluetooth හරි wi-fi හරි තියනවනම් ඇති. normal මේක 20m විතර වැඩ.

මේ link එකෙන් download කරලම බලන්නකෝ (11MB).

මුලින්ම PC එකට තියන setup එක instoll කරගන්න

download කලාම phone එකට දාන software එකත් (jar or jad file) auto download වේවි. එකත් phone එකට දා ගන්න.



දැන් software එක minimize කරලා phone එකට යන්න..







තව දෙයක් කියන්න අමතක වුනා. powerpoint presentation, pdf බලනකොට media player එකට තියන එකෙන් ගියානම් ගොඩක් ලේසියි.

සැලකිය යුතුයි:

power point , pdf වලින් යනකොට ඒක full screen කලාම විතරයි control කරන්න පුලුවන් වෙන්නේ..

මේකේ trail එක අයින් කරගන්න Time Stopper සොෆ්ට්වරේ එක use කල නම් හරි.


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Thursday, March 7, 2013

Facebook messages ඔක්කොම එක පාර delete කරන්න පුළුවන් ක්‍රමයක්.

මේ දවස් වල කට්ටිය කෙල්ලෝ/කොල්ලෝ set කරගන්න කාලේ නිසා හොර වැඩ තියනවා නම් අහුවෙන්න කලින් නැති කරලා දාන එක හොදයිනේ. facebook එකේ messages Boyfriends ලා Girlfriends ලා දැක්කොත් අවුල් නේද??? :D :D :D

ටික දවසක් යනකොට එයා Facebook password එක ඉල්ලනවා. නොදී ඉන්න බෑ නේ. එයා ඒක ගත්ත ගමන් අපේ පරණ messages, Chat histories බලනවා. එහෙම වුනොත් කලින් කෙල්ලෝ, කොල්ලෝ එක්ක chat කරපු ඒවා දැක්කොත් විනාසයි නේ.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඒක නිසා අදම Facebook messages, chat history Delete කරලා දාමු නේද?

මේකට ඔයා Google Chrome/Rockmelt user කෙනෙක් වෙන්න ඕනේ.

Chrome නැති අය මෙතනින් Google Chrome download කරගන්න

දැන් Browser 1 open කරගෙන මේ link එකට යන්න.


Add to chrome කියන එක click කරන්න.එතකොට ඒක instoll වේවි.




දැන් ඒ Bowser එකෙන් Facebook log වෙන්න. පුරුදු විදියටම message වලට යන්න. එතන ඔයාට දකින්න පුළුවන් Delete All කියලා Button එකක් ඇවිත් ඇති. ඊට පස්සේ කරන්න ඕනේ මොනවද කියලා කියන්න ඕනේ නෑ නේ..




Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Wednesday, March 6, 2013

photo එකක තියන අකුරු ඒ විදිහටම ගමුද?

කාලෙකින් අෆ්ෆා බ්ලොග් එක පැත්තේ ආවේ ලියන්න post එකක්.අහ් කියන්න අමතක උනානේ...!!!!..දැන් පොස්ට් වලට ඔයාලට comments දාන්න ලේසයි හොදද. facebook එකේ comments දාන විදිහටම තමයි දැන් දාන්න තියෙන්නේ.

මේ පොස්ට් එකත් වැදගට් වෙයි කියල හිටනවා ඔයාලට ගොඩක්.අපිට සෙට් වෙනවා පට්ට වැදගත් පොතක්. ඒකෙ තියන දේවල් අපිට Word හරි මොකක්හරි එකකට ගන්න අවශ්‍ය වෙනවා කියලා හිතන්නකෝ. ඒත් ඒකෙ තියෙන්නේ photo එකක් විදියට නිසා අපිට ඒවා අකුරක් විදියට ගන්න අපිට මේ software එකෙන් පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් photo එකක තියන අකුරු අකුරක් විදියට copy කර ගන්න පුළුවන්.

මේ පොඩි Software එක download කරගන්නකො. (384KB)

මුලින්ම instoll වෙන්නේ Cnet instroller එක.එකට හේතුව මේ software එක මන් දෙන්නේ Cnet.com එකෙන් නිසා. Cnet instroller එක 589kb වගේ පොඩි දරිතාවක් තියෙන්නේ. එක download උනාට පස්සේ double click කරලා OCR software එක පියවරෙන් පියවර ඔයාලට download කරගන්න පුළුවන්.

දැන් Install කරලා open කරන්න



මෙතනට ඔයා photo එක add කරන්න ඕනේ. එක කරන්න පුළුවන් ක්‍රම 3 ක් තියනවා.

1. කොම් එකේ තියන photo එකක්
2. scanner එකක් මගින්
3. pdf එකක්.

ඒ විදියට open කරගත්තට පස්සේ OCR >>> OCR all pages දෙන්න.



process වෙලා ඉවර වුනාම ඔයාට මේක

1. word වලට‍ copy කරන්න
2. clipboard එකට copy කරගෙන කැමති තැනකට paste කරන්න

මේ වගේ දේවල් මේ පහලින් තියන buttons වලින් කරන්න පුළුවන්.


අලුත් දේවල් ඉගන ගන්න අයට මේක ගොඩක් වැදගත් වේවි.මම යනවා එහෙනම් අදට...


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Monday, February 25, 2013

internet එකේ තියන vedios,photos download නොකර බලන්න ක්‍රමයක්

මේ පොස්ට් එක නම් ගොඩක් වැදගත් වෙඉ කියල හිතනවා ගොඩක් අයට.FB එකේ වෙන වෙන වෙබ් අඩවි වල / YOU TUBE වල තියන vedios බලනකොට නැත්නම් download කරනකොට ගොඩක් data අපතේ යනවා කියල දන්නවා ඇති ඔයාල.

මෙන්න මේක තමයි එකේ රහස.

අපි internet ගියාම යන හැම webpage එකක්ම අපේ computer එකේ එක තැනකට download කරලා පෙන්නනවා(tempary files ලෙස). එතකොට එතනට අපි යන webpage වල තියන videos, photos හැම දෙයක්ම තාවකාලිකව ටික දවසකට save වෙනවා.මේක තමයි cache folder 1.

මෙතනට යන path 1 අපි use කරන web browser එක අනුවත් භාවිතා කරන windows operating system එක අනුවත් වෙනස් වෙනවා

ඊට කලින් ඔය පොඩි වැඩක් කරන්න ඕනි.ඒ තමයි මුළු හර්ඩ් එකේම hide වෙලා තියන folders visible ඒ කියන්නේ පෙනෙන තත්වයට පත් කරන එක.එක කරන්නේ මෙහෙමයි.

මුලින්ම folder එකකට යන්න. Organize –> Folder and Search Option –> View වල  Hidden files and folders වල Show hidden files and folders යන්න select කරගන්න.



දැන් ඒක හරි.දැන් cache folder එක හොයාගන්න එක තමයි කරන්න තියෙන්නේ.

1) Windows 7 සදහා

a) Google chrome use කරන අය

(මෙතන User name කියන එකට ඔයාගෙ user name එක දෙන්න. ඒක මොකද්ද කියල ඔයාට තේරෙනවා.)

C:\Users\USER_NAME\AppData\Local\Google\Chrome\UserData\Default\Cache

දන්නේ නැත්නම් My computer එක උඩ right click කරලා properties වලට යන්න.පහල ඇති computer name කියල එකක්.අන්න ඒ නම තමි user name එක කියන්නේ.

b) Firefox use කරන අයට

C:\Users\User name\AppData\Local\Mozilla\Firefox\Profiles\2fx3mv6o.default\Cache

2) Windows Xp සදහා

a) Google chrome use කරන අයට

C:\Documents and Settings\USER_NAME\Local Settings\Application Data\Google\Chrome

firefox වලට තියන path එකත් කලින් විදියමයි. චුට්ටයි වෙනස් වෙන්නේ.


මම නම් windows 7 වල chrome තමි use කරන්නේ.දැන් ඒ විදියට cache folder 1ට ගිහින් Right click කරලා Arrange icons by(Sort by)--->Size දෙන්න.

එතකොට Size එක වැඩි Files උඩට එනවනේ. එතකොට ඔයාට Videos ලේසියෙන්ම හොයාගන්න පුලුවන්නේ.



ඒකෙ උඩම තියන data කියන file 3 අපට වැඩක් නෑ.
ඊට යට තියන f_000291 වගේ නමකින් තියන file එකක් right click කරලා .mpg හරි .flv කියලා rename කරන්න.avi format එක බෑ හොදද

ex: f_000291.flv  f_000291.mpg

දැන් ඔයාට ඒ වීඩියෝ එක ඔයාට ඕන තැනකට කොපියක් දා ගන්න පුලුවන්.(මේ vedios එහෙම ඔය folder එකේ තියාගෙන බලන්න එපා.) මේ වගේ ඔයා බලපු photo වුනත් ගන්න පුලුවන්. ඒවානම් පොඩි size file නිසා ඒවා තියෙන්නෙ cache folder එකේ තියන පොඩි file වල. ඒවා බලාගන්න ඔයාට ඒ files ඔයාගෙ තියන Windows photo viewer, picasa වගේ photo viewer 1කින් open කරලා බලන්න පුලුවන්.

වැඩේ එල නේද ????

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Sunday, February 24, 2013

ගොඩක් අය කියන දෙයක් තමයි lap එකේ බැටරිය පැයක්වත් තියාගන්න බෑ කියන එක.ලැප් එකේ battary usage එක ක්‍රමවත්ව කරගෙන බැටරිය ගොඩක් වෙලා තියාගන්න පුළුවන් ක්‍රම කිපයක් තමයි මන් දැන් ඔයාලට කියන්න යන්නේ.

1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.

Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් අප Plug කරගෙන වැඩ කිරීමේදී Full chargeවුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත.

සැළකිය යුතුයි:

සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20% , 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) unplug කර භාවිතා කල යුතුය.

2. නිතරම Shut down කරන්න එපා

  • ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)

  • lap එක අරගෙන කොහේහරි යනවනම් Sure එකටම shut down කරලා යන්න. (නැත්නම් hard disk එක දාන්න වෙයි..)

  • Sleep, Hibernate, Shut down කරලා තියනවනම් plug කරන්න එපා..(එතකොට මොනව charge කරන්නද? battery එක overcharge වෙනවා)

  • ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න. සතියකට වතාවක්වත් Restart කරන්න.

3. charge කරන්නේ නැතුව use කරනවානම් චුට්ටක් එහෙම වැඩ කරලා charge 1 ට ගහන්න එපා. මේ chart 1 බලන්නකෝ



4. ඔයා වැඩ කරන තැන temperature 1ත් ගොඩක් බලපානවා. ඒක නිසා තමයි AC room වල use කරන්න කියන්නේ.



තව ඔයාලත් දන්න දේවල් comment 1 ක් විදියට දාන්න...


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

computer එකේ system properties වෙනස් කරමුද ??? (අමුතුම hack කිරිල්ල)

දැන් කියන්න යන්නෙ එතන තියන computer එකේ Processor එකේ විස්තර වෙනස් කරන කොහොමද කියලා. ඒ කියන්නෙ ඔයාගෙ Pentium, duel core, core 2 due, i3, i5 වගේ ඕනම කොම් එකක Processor එක i7/i11 කියලා වෙනස් කරන්නෙ කොහොමද කියලා.

ඊයෙත් මන් දැම්මේ මේ වගේ පොස්ට් එකක් බලපු නැති කලින් තියන පොස්ට් එකත් බලන්නකෝ.

A) මුලින්ම හැම දෙයක්ම කරන්න windows registry එකට යන්න ඕන. මේකට Run (Windows button+R) එකට යන්න ඕනේ. windows 7 වලනම් කෙලින්ම start button 1 click කරලා type කරන්න පුලුවන්. දැන් regedit කියලා search කරන්න.


B) දැන් මේ path 1 යන්න

HKEY LOCAL MACHINE-->HARDWARE-->DESCRIPTION-->System-->CentraProcess-->0



C) දැන් ProcessorName Double click කරන්න. දැන් එතන i7 කියලා වෙනස් කරන්න.
මෙතන ඔයාට ඕන දෙයක් type කරන්න පුලුවන්.


D) දැන් My computer R.Click කරලා properties ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා...


OR



Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Saturday, February 23, 2013

අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු.

කව්රු වුනත් දන්න කෙනෙක් ඔයාගෙ කොම් එක ඇල්ලුවොත් බලන්නෙ ඔයාගෙ computer එකේ Speed එක කීයද? RAM එක කීයද කියන එකනේ

එතනට කොම් එකේ Manufacture විදියට ඔයාගෙ නම දාන්න පුලුවන්. තව එතන එන Phone no එකට ඔයාගෙ no එක දාන්න පුලුවන්.

මේක XP වලටයි, Windows 7, Vista තියන අයටයි කරන්න තියෙන්නෙ ක්‍රම 2කට

(1) Windows XP use කරන අය


a) Notepad open කරගන්න
b) මේ තියන එක Copy කරගන්න.

[General]
Manufacturer= .................
Model= ..............
[Support Information]
Line1=" .................. "
Line2=" ........................... "


මෙතන ........ තියලා තියන ඒවට ඔයාට කැමති දෙයක් දා ගන්න මේ තියෙන්නෙ Example එකක්


c) ඊටපසේ ඕක OEMINFO.INF කියලා කොහේහරි Save කරන්න

අමතර කරුණු :-

තව ඔයාට Photo එකකුත් මේකට add කරගන්න පුලුවන්.
මේකට ඔයා Resolution එක 100 x 80 වගේ තියන photo එකක් oemlogo.bmp කියලා paintවගේ Software එකකින් හදලා C:\Windows\System32\ වලට දාන්න. ඔයා කලින් හදපුnotepad file එකත් එතනටම replace කරන්න.


දැන් වැඩේ ගොඩ

2) දැන් Windows 7, Vista තියන අය

a) Run වල regedit කියලා search කරන්න or (press Ctrl + R and type regedit then Press OK)


b) දැන් මේ path එකේ යන්න.

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation



c) දකුනු පැත්තෙ කවුලුව උඩ Right click කරලා New > String value තෝරන්න


d) ඒක Logo කියලා Rename කරන්න

ඊට පස්සෙ ඒක Double Click කරලා Open කරන්න. ඊට පස්සෙ ඒ Open උන Dialog box එකේValue එක විදිහට C:\Windows\System32\oemlogo.bmp කියලා දෙන්න



මේ විදියටම මේවත් වෙනස් කරන්න

Logo=C:\Windows\System32\oemlogo.bmp
Manufacturer=චන්න ජයරත්න සිල්වා 
SupportPhone=074528965
SupportURL=channafx.blogspot.com

ඒ කියන්නෙ ඒවා කරන්නේ මේ විදියට

example එකට Manufacture කියන එක අරගෙන බලමු.
  • ඒක දාන්න කලින් විදියටම New-->String value එකක් අරගෙන ඒක Manufacture කියලා rename කරලා, ඒක Double click කරලා එන එකට ඔයාට කැමති නමක් දෙන්න.

මේ තියෙන්නෙ මම එහෙම හැදුවට පස්සෙ මගේ තිබුන විදිය


දැන් වැඩේ ගොඩ.Comment එකක් දාලම යන්න හොදද..

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....