Pages

Saturday, February 23, 2013

අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු.

කව්රු වුනත් දන්න කෙනෙක් ඔයාගෙ කොම් එක ඇල්ලුවොත් බලන්නෙ ඔයාගෙ computer එකේ Speed එක කීයද? RAM එක කීයද කියන එකනේ

එතනට කොම් එකේ Manufacture විදියට ඔයාගෙ නම දාන්න පුලුවන්. තව එතන එන Phone no එකට ඔයාගෙ no එක දාන්න පුලුවන්.

මේක XP වලටයි, Windows 7, Vista තියන අයටයි කරන්න තියෙන්නෙ ක්‍රම 2කට

(1) Windows XP use කරන අය


a) Notepad open කරගන්න
b) මේ තියන එක Copy කරගන්න.

[General]
Manufacturer= .................
Model= ..............
[Support Information]
Line1=" .................. "
Line2=" ........................... "


මෙතන ........ තියලා තියන ඒවට ඔයාට කැමති දෙයක් දා ගන්න මේ තියෙන්නෙ Example එකක්


c) ඊටපසේ ඕක OEMINFO.INF කියලා කොහේහරි Save කරන්න

අමතර කරුණු :-

තව ඔයාට Photo එකකුත් මේකට add කරගන්න පුලුවන්.
මේකට ඔයා Resolution එක 100 x 80 වගේ තියන photo එකක් oemlogo.bmp කියලා paintවගේ Software එකකින් හදලා C:\Windows\System32\ වලට දාන්න. ඔයා කලින් හදපුnotepad file එකත් එතනටම replace කරන්න.


දැන් වැඩේ ගොඩ

2) දැන් Windows 7, Vista තියන අය

a) Run වල regedit කියලා search කරන්න or (press Ctrl + R and type regedit then Press OK)


b) දැන් මේ path එකේ යන්න.

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation



c) දකුනු පැත්තෙ කවුලුව උඩ Right click කරලා New > String value තෝරන්න


d) ඒක Logo කියලා Rename කරන්න

ඊට පස්සෙ ඒක Double Click කරලා Open කරන්න. ඊට පස්සෙ ඒ Open උන Dialog box එකේValue එක විදිහට C:\Windows\System32\oemlogo.bmp කියලා දෙන්න



මේ විදියටම මේවත් වෙනස් කරන්න

Logo=C:\Windows\System32\oemlogo.bmp
Manufacturer=චන්න ජයරත්න සිල්වා 
SupportPhone=074528965
SupportURL=channafx.blogspot.com

ඒ කියන්නෙ ඒවා කරන්නේ මේ විදියට

example එකට Manufacture කියන එක අරගෙන බලමු.
  • ඒක දාන්න කලින් විදියටම New-->String value එකක් අරගෙන ඒක Manufacture කියලා rename කරලා, ඒක Double click කරලා එන එකට ඔයාට කැමති නමක් දෙන්න.

මේ තියෙන්නෙ මම එහෙම හැදුවට පස්සෙ මගේ තිබුන විදිය


දැන් වැඩේ ගොඩ.Comment එකක් දාලම යන්න හොදද..

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....