Pages

Sunday, April 21, 2013

හැමදාම දකින අපේ desktop එක වෙනස් කරමුද?



අද අවේ ඔයාලගේ PC එක ලස්සන කරන්න පුළුවන් පොඩි ගැජට් කැල්ලක් අරගෙන.අපිට හැමදාම අපේ desktop එක එකම විදිහට දැකල එපා වෙලානේ.ඕකට අපි ඉතින් කරන්නේ wall paper එක මාරු කරන එකනේ.ඕක කර කියල ඉතින් කිසි ගතියක් නැ.ඒ ගතිය අරන් දෙන්න යන්න තමයි මම හදන්නේ,මේක ටිකක් වෙනස් ගැජට් එකක්,.අනිත් ඒවා වගේ නෙමෙයි.මේක දැම්මම PC එක පේන්නේ නිකන් කාමරයක් වගේ.

ඉතින ඔයාලට මේ කාමරේ මෙසේ උඩ, රාක්ක උඩ, ඔයාලගේ desktop icons ටික තියාගන්න පුළුවන්.තව ඕන නම් බිත්තියේ උනත් ගහල තියාගන්න පුළුවන්.මේක කොහොමද කියල බලන්න මම පහලින් ෆොටෝස් ටිකකුත් දැම්ම.






මේකෙන් තව ගොඩක් විදි වලට desktop එක හදාගන්න පුළුවන්.පහල ලින්ක් එකෙන් Download කරගන්නකො.





Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Monday, April 15, 2013

Mouse එක තිබ්බ ගමන් සිංහල තේරුම බලමුද?

Google Chrome සහ firefox අන්තර්ජාල යේ විවිධ කටයුතු සදහා අපි භාවිතා කරනවා එහිදි අපිට හමුවන English වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදවයි අද අපි කතා කරන්නෙ මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ මේක නොදන්න අයට වැදගත් වේයි.


                                                             


දැන් බලමු කරන විදිහ.

1) Firefox සදහා

මේ සොෆ්ට්වරේ කෑල්ල addon වර්ගයේ එකක් නිසා browser එකට add කරගන්න විදිහ මන් කියල දෙන්නම්.firefox open කරන්න ඉස්සෙල්ලම.දැන් addon window එකට යන්න.ගියාම මෙන්න මේ වගේ පෙනෙයි.

Open Firefox-->> Tools -->> Add-ons



දැන් කරන්න තියෙන්නේ මන් පහලින් දාන download ලින්ක් එකට ගිහින් addon එක download කරලා ඒක mouse එකෙන් අල්ලාගෙන ගිහින් (drag) උඩින් පෙන්නලා තියන addon window එකට drop කරන එක.
ඊට පස්සේ ඉබේම instroll වෙනවා.සමහර වෙලාවට instroll කරන්න button එකක් එන්න පුළුවන්.එහෙම උනොත් click කරන්න.දැන් firefox එක restart කරලා බලන්නකෝ කොහොමද වැඩේ කියල.

මේ download කරන එක setup file එකක් නෙමෙයි හොදද. crx ෆිලේ එකක්.double click කරලා ඉන්ස්ටෝල්ල් කරන්න යන්න එපා.



2) Google Chrome සදහා

දැන් බලමු කොහොමද chrome වලට මේක add කරගන්නේ කියල.මෙන්න මේ විදිහට යන්න.

Open Chrome-->>Click
 (Right top corner of the chrome)
 -->>Click Tools -->> Click Extensions



දැන් ඔයාලට කරන්න තියෙන්නේ පහල තියන ලින්ක් එකෙන් download කරපු addon කෑල්ල එක මේ page එකට Drag කරලා Drop කරන්න විතරයි.එතකොට පල්ලෙහා විදියට box එකක් ලැබේවි. ඒකේ Add කියන එක click කරන්න


දැන් Chrome එක Restart කරන්න. Dictonary එක වැඩ කරන්න පටන් ගනීවි.

දැන් ඉතින් ඔයාල යන යන website එක මොකක් උනත් අමාරු වචනයක් තියනවනම් එක උඩට mouse එක ගෙනයන්නකෝ.මෙන්න මේ වගේ සිංහල තේරුම පෙන්නයි.


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Saturday, April 13, 2013

1GB pen drive එක 2GB කරගමුද?



අද පරණ අවුරුදු දවසේ නොනගතය වෙලාවේ හොයාගත්ත පොඩි වැඩ කෑල්ලක් දාන්න හිතුනා.. :D :D...ඉතින් කට්ටියට අවුරුදු ජයද???..බලමුකෝ එහෙනම් මේ වැඩ කෑල්ල මොකක්ද කියල.

මේ software එකෙන් පුළුවන් 1GB පෙන් එකක් 2GB කරගන්න.වෙන සිද්දිය නම් තේරෙන්නේ නැ..එත් කිසිම ඖලක් නැතුව වැඩ.මගේ ෆොනේ එකේ memory චිප් එකටත් කරලා බලුව..මරුවට වැඩ..

download

සොෆ්ට්වරේ එක instoll කරගත්තට පස්සේ ඔයාලගේ පෙන් එක හරි chip එක හරි පරිගණකයට plug කරන්න.දැන් software එක ඇතුලෙන් pen එක මේ වගේ පෙන්නයි.



ඊට පස්සේ FIX කියන එක ඔබන්න.එතකොට මෙහෙම එකක් එයි.එක OK කරන්න.ඔයාලට වැදගත් data pen එකේ තියනවා නම් ඒවා backup කරගන්න.



ඊට පස්සේ ඔයාලට මේ වගේ message එකක් එයි.ඒ කියන්නේ වැඩේ හරි කියන එක.එකත් OK කරන්න.



ඊට පස්සේ ඔයාලට මේ වගේ message එකක් එනවා පෙන් එක පරිගණකයට ආයිමත් plug කරන්න කියල.එතකොට පෙන් එක ගලවල ආඉමත් computer එකට plug කරන්න.



බලන්න කොහොමද වැඩේ කියල...1GB PEN එක 2GB වෙලානේ.හයි මේක කරන්න පුළුවන් 1GB ඒවාට විතරයි.යනකොට පොඩි like එකකුයි comment එකකුයි දාල යන්න අමතක කරන්න එපා....

ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමයෙන් සතුටින් පිරි සුබම සුබ නව වසරක් වේවා කස්ටියටම.................


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Tuesday, April 9, 2013

computer එකේ කටහඩ අහන්න ආසද ?

අපි දෙන වචන කීපයක් කම්පියුටර් එකේ කටහඩින් අහන්න පුලුවන් විදියක් ගැනයි මේ කියන්න යන්නෙ..

මුලින්ම් මේ codes කොටස් ටික copy කරගෙන notepad එකට දාගන්නකෝ



Dim msg, sapi

msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")

sapi.Speak msg

හරි, ඊලගට මේක කැමති නමකින් save කරගන්න. හැබැයි මතක තියාගෙනම මේකෙ නමේ අගට .vbs කියන කෑල්ල එකතු කරන්න. උදාහරනයක් විදියට note.vbs වගේ.

දැන් ඒ file එක හොයල open කරගන්නකෝ. හිතාගන්නත් බැරි විදියට ඒක මේ වගෙ විදියට open වෙයි


හිස් කොටුවට කැමති දෙයක් type කරලා OK කරන්නකෝ. අපේ computer එකේ කටහඩ අහගන්න පුලුවන්.

Computer එකට සින්හල බෑ.. එ හින්දා සින්හල කතාව පොඩ්ඩක් විතර අවුල්.. ඒක ගනන් ගන්න එපා.. අනික් එක තමා ඔයාල ඉතින් මොකක් හරි ලියුමක්ම දැම්ම කියමුකෝ. ඒත් ඒකෙ එක සීමාවකින් එහාට කියන්නෙ නෑ. ඇත්තටම කියනව නම් මේක පොඩි software එකක්.. ට්‍රයි කරල බලන්නකෝ. වැඩේ හොදයිද???


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Google crome එකට තීම් එකක් දාගමු.

ඔන්න අද දවස් ගානකින් පෝස්ට් එකක් දාන්න පුලුවන් වුනා. ඔයාල ගොඩක් අය දන්නවත් ඇති මේක නම්. ඔයාල දන්නවද කොහොමද Google crome එකට තීම් එකක් දාගන්නෙ කියල... වැඩේ දන්න අය ඉන්නවා අනික් අය කරන්නකො එහෙනම්.

ඔයාලට පුලුවන් ඔයාලගෙ chrome browser එකට ලස්සන තීම් එකක් දාගන්න. ගොඩක් තියනව තෝරගන්න. ඔයාලට තියෙන්නෙ පොඩි වැඩයි. මුලින්ම ඔයාලෙගෙ තියෙන්නෙ පරන chrome එකක් නම් ඉක්මනටම අලුත් එකක් බාගන්න. පරන අයට මේක බෑ. ඔයාලගෙ බ්‍රව්සර් එකේ දකුනු පැත්තේ උඩම තියෙනව මෙන්න මෙහෙම එකක්. ඒක ක්ලික් කරන්නකො.


දැන් අලුත් tab එකක අලුත් page එකක් open වෙයි. දැන් ඒකට යන්නකො.. ඒකෙ තියෙනව මෙන්න මෙහෙම එකක්. Appearance කියන එක යටතේ Get themes කියල තියෙනව.. මේ විදියට


ඒක තෝරන්නකෝ. දැන් ඔයාලට තීම්ස් ගොඩක් බලාගන්න පුලුවන්. කැමති එකක් තෝරලා ඇඩ් කරගන්න.. වැඩේ හරි. හොදයි නේද වැඩේ..


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Tuesday, April 2, 2013

ගේමක් නැතුව " con " folder එක හදමුද?

මේක පොඩි simple වැඩක්.පුළුවන් නම් con කියල නමින් folder එකක් හදන්නකෝ මුලින්ම ඩෙස්ක්ටොප් එකේ හරි.

කට්ටියට පුලුවන්ද ආ...... :D :D



මේක කරන්නේ කොහොමද කියල සමහර අය දන්නවා ඇති.තවත් සමහර අය මේ ගැන අහල ඇති.ඕනෑම folder එකක් con කියල rename කරන්නත් බ.එකට හේතුව තමයි " con " කියන්නේ windows operating system එක හදන්න use කරපු keyword එකක් නිසා.programming languages කරලා තියන ය keyword කියන එකේ තේරුම දන්නවා.

ඕන් එහෙනම් හදමු CON කියල ෆෝල්ඩර් එක

ෆෝල්ඩර් එක Rename කරනව Alt එකත් එක්ක 255 එන්ටර් කරල con කියල ටයිප් කරමු බලන්න.

පේන්නේ නැති (hide) folder එකක් හදමු.

සමහර අයට තමාගේ ලග වටිනා data එහෙම නැත්නම් personal දේවල් එහෙම හංගන්න ආස ඇති. :D :D දැන් කියන්න හදන්නේ ඒ වගේ දෙයකට ගැලපෙන files දල තියන්න පුළුවන් folder එකක් හදන හැටි.

එහෙනම් මුලින්ම blank folder එකක් හදාගන්න (Ctrl + shift + N). දැන් කලින් වගේ alt එකත් එක්ක 255 type කරලා Enter කරන්න.

දැන් මේ folder එකට නමක් නැතිව තියෙන්නේ.දැන් මේක පේන්නේ නැති කරගන්නත් එපැයි.එහෙනම් folder එක උඩ right click කරලා properties වලට යන්න. (Alt + Enter).එකේ තියන customize ටැබ් එකට යන්න.


දැන් එතන තියන change icon කියන button එක click කරන්න.folders වලට දාන්න පුළුවන් icons ගොඩක් තියනව ඔතන.මුකුත්ම පෙන්නන්නේ නැති blank icon එකකුත් තියනවා.පහල පින්තුරය බලන්න.


එක select කරලා OK කරන්න.දැන් properites windo එකෙත් Apply button එක click කරලා ඔක් click කරන්න.
වැඩේ කොහොමද............


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Sunday, March 31, 2013

Bluetooth වලින් lap එක control කරමු

දැන් කියන්න හදන්නෙ phone එක remote control එකක් විදියට use කරන්නෙ කොහොමද කියලා. මේක ගොඩක් sony ericssion use කරන යාලුවන්ටනම් මේක අලුතෙන් දාන්න ඕන නෑ. ගොඩක් අය කියන දෙයක් තමයි දාපු software එක මගේ phone එකට support කරන්නෙ නෑ කියන එක. ඉතින් ඒ හැම එකකටම හරි යන software එකක් හොයා ගත්තා. ඔයාලත් use කරල comment එකක් දාන්නකෝ කොහොමද වැඩේ කියලා.

තව මේකෙන් අපට windows media player එක control කරන්න විතරක් නෙමෙයි winamp ,mouse, sound වගේ දේවලුත් control කරන්න පුලුවන්. මේක වැඩ කරන්නෙ bluetooth හරි wi-fi හරි තියනවනම් ඇති. normal මේක 20m විතර වැඩ.

මේ link එකෙන් download කරලම බලන්නකෝ (11MB).

මුලින්ම PC එකට තියන setup එක instoll කරගන්න

download කලාම phone එකට දාන software එකත් (jar or jad file) auto download වේවි. එකත් phone එකට දා ගන්න.



දැන් software එක minimize කරලා phone එකට යන්න..







තව දෙයක් කියන්න අමතක වුනා. powerpoint presentation, pdf බලනකොට media player එකට තියන එකෙන් ගියානම් ගොඩක් ලේසියි.

සැලකිය යුතුයි:

power point , pdf වලින් යනකොට ඒක full screen කලාම විතරයි control කරන්න පුලුවන් වෙන්නේ..

මේකේ trail එක අයින් කරගන්න Time Stopper සොෆ්ට්වරේ එක use කල නම් හරි.


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

ක්‍රිකට් ලකුණු පොකැට් එකට තට්‍ටු නොවෙන්න බලමු

අම්මෝ දැන් තමයි කාලෙකින් මාර නිදහස් වෙලාවක් ආවෙ post එකක් ලියන්න.camps පටන් ගන්නත් කල් යනවා. ගෙදර ඉන්නත් කම්මැලි අෆ්ෆා...හ්ම්ම්ම් මේ දාන පොස්ට් එක mobiles සම්බන්දව එකක්.කවුරුත් අකමැති වෙන එකක් නම් නෑ

මේ දවස්වල Cricket hot එකත් එක්කම Cricket score බලන්න පට්ටම application එකක් ගැන කියන්න හිතුනා. මේක දැනටමත් ගොඩක් අය use කරනවා කියලා. දන්නෙ නැති අයත් කීප දෙනෙක්හරි ඉන්නවානේ. application එකේ නම තමයි Cricket companion (වරද්ද ගන්න එපා තියෙන්නෙ චැම්පියන් කියලා නෙමෙයි)


මේකෙ තියන්නෙ මොනවද...............(Features)

01) තරගයක ලකුනු පන්දුවෙන් පන්දුවට


02. ක්‍රීඩකයා ‍රැස් කරගෙන ඇති ලකුනු ප්‍රමානය 4, 6 ප්‍රමානය

03. පන්දු යවන්නාගේ පන්දු වාර, විකට් ඇතුලු සියලු විස්තර



04. සියලුම ප්‍රස්තාර





















05. යම් ක්‍රීඩකයෙක්ගේ Overall states



06. සියලුම කාලසටහන්

07. විශේෂ අවස්තාවල පමනක් දැන ගැනීමට Sound alet, Vibrate alet


08. අවසන් වූ තරගවල සියලුම විස්තර

මේ හැම දෙයකටම වඩා වටින්නේ සම්පූරණම තරගයටම GPRS යන්නෙ KB 250ක් විතර

Download කරනවනම් මේ link එකට යන්න. මේක download කරනකොට ඔයාගේ phone එක කොම් එකට connect කරලා download කරන්න.


නැත්නම් www.google.com වල cricket companion for *your phone model කියලා search කරන්න.


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Thursday, March 7, 2013

Facebook messages ඔක්කොම එක පාර delete කරන්න පුළුවන් ක්‍රමයක්.

මේ දවස් වල කට්ටිය කෙල්ලෝ/කොල්ලෝ set කරගන්න කාලේ නිසා හොර වැඩ තියනවා නම් අහුවෙන්න කලින් නැති කරලා දාන එක හොදයිනේ. facebook එකේ messages Boyfriends ලා Girlfriends ලා දැක්කොත් අවුල් නේද??? :D :D :D

ටික දවසක් යනකොට එයා Facebook password එක ඉල්ලනවා. නොදී ඉන්න බෑ නේ. එයා ඒක ගත්ත ගමන් අපේ පරණ messages, Chat histories බලනවා. එහෙම වුනොත් කලින් කෙල්ලෝ, කොල්ලෝ එක්ක chat කරපු ඒවා දැක්කොත් විනාසයි නේ.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඒක නිසා අදම Facebook messages, chat history Delete කරලා දාමු නේද?

මේකට ඔයා Google Chrome/Rockmelt user කෙනෙක් වෙන්න ඕනේ.

Chrome නැති අය මෙතනින් Google Chrome download කරගන්න

දැන් Browser 1 open කරගෙන මේ link එකට යන්න.


Add to chrome කියන එක click කරන්න.එතකොට ඒක instoll වේවි.




දැන් ඒ Bowser එකෙන් Facebook log වෙන්න. පුරුදු විදියටම message වලට යන්න. එතන ඔයාට දකින්න පුළුවන් Delete All කියලා Button එකක් ඇවිත් ඇති. ඊට පස්සේ කරන්න ඕනේ මොනවද කියලා කියන්න ඕනේ නෑ නේ..




Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Wednesday, March 6, 2013

photo එකක තියන අකුරු ඒ විදිහටම ගමුද?

කාලෙකින් අෆ්ෆා බ්ලොග් එක පැත්තේ ආවේ ලියන්න post එකක්.අහ් කියන්න අමතක උනානේ...!!!!..දැන් පොස්ට් වලට ඔයාලට comments දාන්න ලේසයි හොදද. facebook එකේ comments දාන විදිහටම තමයි දැන් දාන්න තියෙන්නේ.

මේ පොස්ට් එකත් වැදගට් වෙයි කියල හිටනවා ඔයාලට ගොඩක්.අපිට සෙට් වෙනවා පට්ට වැදගත් පොතක්. ඒකෙ තියන දේවල් අපිට Word හරි මොකක්හරි එකකට ගන්න අවශ්‍ය වෙනවා කියලා හිතන්නකෝ. ඒත් ඒකෙ තියෙන්නේ photo එකක් විදියට නිසා අපිට ඒවා අකුරක් විදියට ගන්න අපිට මේ software එකෙන් පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් photo එකක තියන අකුරු අකුරක් විදියට copy කර ගන්න පුළුවන්.

මේ පොඩි Software එක download කරගන්නකො. (384KB)

මුලින්ම instoll වෙන්නේ Cnet instroller එක.එකට හේතුව මේ software එක මන් දෙන්නේ Cnet.com එකෙන් නිසා. Cnet instroller එක 589kb වගේ පොඩි දරිතාවක් තියෙන්නේ. එක download උනාට පස්සේ double click කරලා OCR software එක පියවරෙන් පියවර ඔයාලට download කරගන්න පුළුවන්.

දැන් Install කරලා open කරන්න



මෙතනට ඔයා photo එක add කරන්න ඕනේ. එක කරන්න පුළුවන් ක්‍රම 3 ක් තියනවා.

1. කොම් එකේ තියන photo එකක්
2. scanner එකක් මගින්
3. pdf එකක්.

ඒ විදියට open කරගත්තට පස්සේ OCR >>> OCR all pages දෙන්න.



process වෙලා ඉවර වුනාම ඔයාට මේක

1. word වලට‍ copy කරන්න
2. clipboard එකට copy කරගෙන කැමති තැනකට paste කරන්න

මේ වගේ දේවල් මේ පහලින් තියන buttons වලින් කරන්න පුළුවන්.


අලුත් දේවල් ඉගන ගන්න අයට මේක ගොඩක් වැදගත් වේවි.මම යනවා එහෙනම් අදට...


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....